The Dinosaur Project 2012


ඔන්න මම 2012 නිපදවපු තවත් ලස්සනම මූවි එකක් අරගෙ ආයෙත් ආවා යාළුවනේ. මේකත් දෙනව කියල දෙන්න පරක්කු වුනානේ. ඉතිං ඒකට මට සමාවෙන්න ඕන. ඔයාට කතාව බැලුවත් නැතත් ‍මොන වගේ එකක්ද කියල මේකෙ නමින්ම හිතාගන්න පුළුවන් ඇති නේ. ඇත්තටම නමින් වගේම කතාව ඇතුලෙත් ගලාගෙන යන්නෙ කණ්ඩායමක් ඩයිනෝසරයන් සොයා යන කතාන්දරයක්. ඒත් ම‍ට වගේ ඔයාලටත් කතාව බලනකොට තේරුම් යයි මේ කතාවට පාදක වුනු සමහර සිද්ධීන් සත්‍ය සිදුවීම් බව. ඒ කියන්නෙ සත්‍ය සිදුවීමක් අලලා කතාව හැදුව කියල නෙවෙයි ලෝකෙ එක් එක් ස්ථාන වල දරශනය වුනු අසාමාන්‍ය සත්වයින්ගෙ දර්ශන මේ ව්‍යාපෘතිය කිරීමට මූලිකම හේතු සාධකරයක් කරගෙන තියෙනව කියන එක. අනිත් එක මේකෙ ඇනිමේෂන් නම් සුපිරියටම, නිසි විදියට යොදල තියෙනව කියල කියන්න පුළුවන්. එහෙනම් මම දැන් කතාව පොඩ්ඩක් කියන්නම් නැත්තනම් වැඩක් නෑ‍නේ!ලෝකයේ විවිධ ස්ථාන වලින් මෙතෙක් විනිශ්චය කරගත්තු නැති අමුතු සත්වයින් මතුවේගෙන යනවා. විශේෂයෙන් කොංගෝ වගේ රටවල් වලින්. හැබැයි එම ඇතැම් පුවත් සත්‍ය වශයෙන්ම ලෝකයේ ප්‍රසිද්ධ වුනා කියල කියන්න ඕන. දැක්කම ඔයාලට ඒක ගැන තේ‍රෙයි. ඉතිං මේ හේතු නිසා බ්‍රිතාන්‍ය රටවල් එකතුවෙලා මේ සදහා සොයා බලන්න කණ්ඩායමක් යවනවා. ඉතිං මේ කණ්ඩායම හෙලිකොප්ටරයෙන් කැලයට යන අතර වාරයේදී පියාඹන ලොකු සතෙකුට අහුවෙලා හෙලිකොප්ටරය කැ‍ඩෙනවා ඔන්න ඔතනින් පස්සෙ තමයි සිරාම කතාව පටං ගන්නෙ. මං හිතන්නෙ සමහර අය මේක ආපු ගමන්ම බලන්න ඇති. මමත් එහෙම තමයි. ඒත් ඔයාල ආයෙත් මේක අරගෙන බලන්න මොකද ඒ තරමට නියමට කරල තියෙනව. මේකත් හරියට ජුරාසික් පාක් වගේ තමයි. ඒකෙත් හතරවෙනි එක 2014 දි එනවලු නෙ. එහෙනම් මූවි එක අරගෙන බලල රස විදින්න. තවත් මේ වගේ කාගෙත් කතාබහට ලක්වුනු හෝ ලක්වන කතාවක් අරගෙන මම අනිවාරයෙන්ම එනව එතකං සුභ දවසක්!



  1080P 1.3GB BRRIP TORRENT FILE එක මෙතනින් ගන්න. 


720P 650MB BRRIP TORRENT FILE  එක මෙතනින් ගන්න


250MB BRRIP TORRENT FILE එක මෙතනින් ගන්න 





Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel The Dinosaur Project 2012 ini dipublish oleh Unknown pada hari Monday, November 19, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan The Dinosaur Project 2012
 

0 comments:

Post a Comment