මේ මයික්‍රොසොෆ්ට්ලාගේ අලුත්ම ඔෆිස් පැකේජ් එක.මේකේ කලින් ඔෆිස් පැකේජ් වලට වඩා අලුත් පහසුකම් රාශියක් තියනවා.මේ අලුත් පැකේජ් එක ඉලක්ක කරලා තියෙන්නේ ටැබ් සහ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 8 ඔපෙරේශන් සිස්ටෙර්ම් එක ඉලක්ක කරගෙනයි.මෙහි මූලිකත්වය දී තිබෙන්නේ ටච් ස්ක්‍රීන් වලටයි.හරි අපි දැන් මේ නවතම ඔෆීස් පැකේජ් එකේ එන එක එක සොෆ්ට්වෙයාර් වලට අලුතෙන් එකතු කරලා තියන දේවල් මොනවාද කියලා බලමු.
Microsoft Word 2013
මෙම නව සන්ස්කරනයේදී වර්ඩ් හට නව වෙනස්ක රාශියක් ම එක්කොට තිබේ.ප්‍රදානම දෙයනම් අලුත් ලෝගෝවක් හදුන්වා දීම.යිටම් ඩොකයුමන්ට් එකක් ඕපන් කල සැනින් එය ස්ක්‍රීන් සයිස් එකට අනුව ක්ශනිකව හැඩගැසී දිශාවේ හැටියට කොලම්ස් වලට බදී යයි.ඔබ යම් ලියවිල්ලක් මදක් කියවා කියවීම නවතා තවට් දවසක කියවීමට නැවත විවෘත කල සැනින් කලින් කියවා අවසන් වුනු තැනටම ගමන් කරයි.මෙය රීඩ් මොඩ් යනුවෙන් හදුන්වයි.මෙම රීඩ් මොඩ් මගින් ස්වයන්ක්‍රීයවම බුක්මාර්ක් තබා ගනී.කලින් සන්ස්කරනවල මෙන් ඩොකුයුමන්ට් එකක් ඕපන් කල සැනින් හිස් පිටුවක් මෙම නව සන්ස්කරනයේදී නොලැබේ.ඒ වෙනුවට ඔබ කලින් විවර කල වර්ඩ් ඩොක්යුමෙන්ට් ලැස්තුවක් පෙන්වයි.වම්පස තීරුවේ මේවා පෙන්වන ගමන්ම අනිත් ඉඩෙහි ටෙම්ප්ලට් ගනනාවකි.මෙම පහසුකම සලසන්නේ තමන්ට කැමති ඩොක්යුමන්ට් එකක් විව්ර්ත කොට අවශ්‍ය ටෙම්ප්ලට් එක දමා වැඩ කරන්නටය. ලයිව් ලේයර් අවුට් යනු මෙහි ඇති තවත් අලුත් ගතියකි.ඩොක්යුමෙන්ට් එක තුල තමන්ට් කැමති ක්ලිප් ආර්ට් එකක් හෝ ෆොටො එක එහා මෙහා ගෙන යන විට එයට ගැලපෙන හොදම විදිය ට සීරු මාරු වෙයි.ඒ ගයිඩ් ලයින්ද සපයමිනි.
Microsoft Excel 2013
එක්සෙල් 2013 මුල් තැන දී තිබෙන්නේ දත්ත ඉදිරිපත් කිරීමටයි.එය ඉතා මනරම්ව කිරීමට මෙම නව සන්ස්කරනය මගි පහසුකම ලබා දෙයි.රෙකමන්ඩ් චාට්ස් යනු එකකි.දත්ත සපයා දත්ත සැකසීමට යනවිට එම දත්ත නිරූපනයට සුදුසුම ප්‍රස්තාර වර්ගය එක්සෙල් 2013 මගින් පෙන්වයි.ඔබට යම් ප්‍රශාරයක් වැරදුනොත් එය මුලුමුනින්ම ඉවත් කොට නැවත අලුතින් සකස් කිරීමට අවශ්‍ය නැත.ඒ වෙනුවට ඔබට වැරදුනු තැන ගැන විස්තර ලබා දී එය පමනක් වෙනස් කරගත් මෙය චාර්ට් ෆිල්ටර් න වෙයි.දැනටමත් සකසා තිබෙන වගුවක වෙනස්කම් කිරීමට ඇති පහසුකම තවත් දියුනු කර තිබේ.
Microsoft PowerPoint 2013
ප්‍රසන්ට් වීව් කියන්නේ පවර් පොයින්ට් වලට එක් උන තවත් එක් විශේශ පහසුකමක්.සලයිඩ් එකක් කෙලින්ම තිරය වෙතට යොමු කරනවාට වඩා මෙය දියුනුය.ස්ලයිඩ් එක ප්‍රසන්ට් කරනකොට ප්‍රේක්ශකයාට නොපෙනුනත් ප්‍රසන්ටෙර්ට පමන පෙනෙන පරිදි පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකේ තිබේ.ප්‍රසන්ටේශන් එකට අයත් වෙන ස්ලයිඩ් සියල්ල අතුරින් යමක් තෝරන්නට අලුත් ක්‍රමයක් තිබේ.ඒ නැවිගේශන් ග්‍රිඩ් ය.ස්ලයිඩ් ඉදිරියට මෙන්ම පසු පසටත් පෙරලා බලන්නට පුලුවන.ස්ලයිඩ් එකේ අවශ්‍ය තැනක් සූම් කිරීමට ස්ලයිඩ් සූම් යොදාගත හැක.
මෙවැනි විශේශාන්ග ගනනාවක්ම තිබෙන Microsoft Office 2013 ඔබත් බාවිතා කර බලන්න.එහෙනම් පහලින් බාගන්න.මගේ සයිට් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.ඔබ සැමට ජය!!!
මෙතනින් බාගන්න.
0 comments:
Post a Comment