ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරිම චිත්‍රපටියක් මම අරගෙන ආවා. IMDb රේටින් වල 8.4/10 ක් තරම් ඉහල අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ලෝකප්‍රසිද්ධ Halo පරිගණක ක්‍රීඩාව ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියක්. මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 70 වෙනි ස්ථානයේ තියෙන්නෙත් මෙම චිත්‍රපටියයි. Halo පරිගණක ක්‍රීඩාවේ ඉන්න හතුරු හමුදාවේ චරිත, ආයුධ, යානා ඒ ආකාරයෙන්ම මේ චිත්‍රපටියෙත් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ වගේමයි අපේ සුපිරි සොල්දාදුවා, ඔහුගේ ආරක්ෂිත ආවරණ, ආයුධ ආදියත් එලෙසින්ම මේ චිත්‍රපටියේ දැකගන්න පුළුවන්. සටන් ජවනිකා වලින් පරිපූර්ණ මෙම චිත්‍රපටිය කාලෙකින් බලන්න ලැබෙන ඉතාමත් සුපිරි නිර්මාණයක් කියලා කිව්වොත් ඒක වැරදි නැහැ.මෙම චිත්‍රපටිය නිපදවීමට මෙහි නිශ්පාදකවරු විසින් ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.මේ චිත්‍රපටියේ කතාව ගෙතිලා තියෙන්නේ තෝමස් ලැස්කි නම් කෙඩෙට් නිලධාරියෙකු වටායි. ඔහුගේ සහෝදරයා, මව සහ පියා ද හමුදා සොල්දාදුවන්. ඉතින් හමුදා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට පැමිණෙන මේ සිසුවාට සහ සවත් සිසු සිසුවිටන්ට හදිසියේම පිටසක්වල ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. මෙයාලට බේරෙන්න විදිහක් නැතුව ඉන්නකොට අවසානයේ එතනට අර සුපිරි සොල්දාදුවා පැමිණෙනවා. ඔයාලා Halo පරිගණක ක්‍රීඩාවේ යෙදුනනම් දන්නව ඇති ඔයාලා විසින් හසුරවපු සුපිරි සොල්දාදුවා ගැන… එයාම තමයි මෙතනටත් එන්නේ. ඉතින් මේ පිටසක්වල ප්‍රහාරයෙන් ගැලවෙන්න මේ අය දරණ උත්සාහය වටා තමයි මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ.. ඒ අතරේ පොඩි ආදර සම්බන්ධතාවයකුත් මේ කැඩෙට් නිලධාරි දෙන්නෙක් අතරේ ඇති වෙනවා. ඉතින් යාළුවනේ, කවුරු අතරද මේ ආදර සම්බන්ධතාවය ඇති වෙන්නේ? ඒ සම්බන්ධතාවයට අවසානයේදී මොනව වේවිද? අපේ ලැස්කි කොහොමද සුපිරි සොල්දාදුවාට සටන ජය ගන්න උදව් කරන්නේ? ලැස්කිට උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන් වේවිද? ඒ කෙසේ වෙතත් ලැස්කිට ජීවිතේ බේරගන්නවත් පුළුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න.. Halo පරිගණක ක්‍රීඩාව සෙල්ලම් කරලා තියෙන කෙනෙක්ට මේක බලනකොට ඒ ක්‍රීඩාවේ තියෙන දේවල් මතක් වේවි. ඒක සෙල්ලම් නොකරා කියලා මේක රසවින්දනයට කිසිම අව්ලක් නෑ.ලගදීම Halo 4 game එකත් ඔයාලට දෙන්නම්කෝ.එහනම් කස්ටියටම සුබ දවසක්!
VIDEO
300 MB BRRRip එක මෙතනින් ගන්න
700 MB BRRRip එක මෙතනින් ගන්න
Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi
0 comments:
Post a Comment