Discapable me 2 අලුත් මෙහෙයුමක්.......


ඔන්න යාලුවනේ මම මේ අවුරුද්දේ ආපු සුපිරිම සුපිරි ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේ ෆිල්ම් එකේ පලවෙනි එක ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම බලලා ඇති කියලා හිතනවා.මම බලපු ඇනිමේශන් ෆිල්ම් වලින් ඉහලම ස්තානයේ තියන ෆිල්ම් එක කියලා කියන්න පුලුවන්.මේ ෆිල්ම් එකේ මුල ඉදන් අග වෙනකම්ම කිසිම කම්මැලි කමක් නැතුව බඩ අල්ලගෙන හිනා වෙවී බලන්න පුලුවන්.ඒකට ඉතින් ගොඩක් වගකියන්න ඕනේ අපේ කහපාට පුන්චි පිස්සු මිනියොන්ස්ලා තමා.හි හි.ඩිස්කේපබල් මී පලවෙනි චිත්‍රපටියත් බොක්ස් ඔෆීස් වාර්තා බිදදමමින් තිරගත උනා.හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.ඔයාලාට මතකද අපේ අර තට්ට යාලුවා.ගෘ.පලවෙනි එකේ මෙයා හරි නරක කෙනෙක්නේ.එයාව වෙනස්කරේ අර පුන්චි කෙල්ලෝ තුන්දෙනානේ.දැන් අපේ ගෘ හරිම හොද කෙනෙක්.එයා අර පිස්සු මිනියොන්ස්ලා ටිකයි අර මහාචාර්‍යවරයත් එක්ක එකතු වෙලා ජෑම් සහ ජෙලි බිස්නස් එකක් කරගෙන පාඩුවේ ඉන්නවා.ඉතින් ඔය අතරේ අපරාද කාරයෝ අල්ලන රහස් සමාගමකින් ඒජන්ට් වයිල්ඩ් කියලා ගෑනු කෙනෙක් ගෘව හොයාගෙන එනවා අලුත් මෙහෙයුමක් බාරදෙන්න,ඊට පස්සේ අපේ ගෘ ඒකට අකමැති වෙනවා.මොකද එයා දැන් හොද තාත්තා කෙනෙක්නේ.ඉතින් කොහොම හරි මේ ඒජන්ට් මෙයාව බලෙන්ම වගේ අරගෙන යනවා අපේ අර පිස්සු මිනියොන්ස්ලා දෙන්නකුත් එක්ක.මේ මෙහෙයුමට ගෘව තෝරගන්න ප්‍රදානම හේතුව එයත් හිටපු අපරාද කාරයෙක් නිසා අපරාද කාරයන්ගේ දුර්වලකම් දන්න නිසා.ඉතින් මේ මෙහෙයුම යන අතරේ අර ඒජන්ට් වයිල්ඩ් අතෙරෙයි අපේ ගෘ අතෙරයි පොඩි මෙව්වා එකක් ඇති වෙනවා. ඉතින් මොකක්ද මේ මෙහෙයුම?මේකට මුල් උනේ කව්ද?ගෘ මේ ලෝකේ බේරගන්න උදව් වයිද?අර පිස්සු මිනියොන්ස්ලා මොන වගේ පිස්සු වැඩ ටිකක් මේ පාර කරයිද කියලා බලාගන්න මේ සුපිරි ෆිල්ම් එක බාගෙනම බලන්න වෙයි.මේක ඔයාලා හැමොටම බලන්න කියලා ආරාදනා කරනවා.මේකේ සුපිරිම ජෝක්ස් තියනවා.ඔබ සැමට ජය!!!!   

     1080p YIFY ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

     720p ටොරන්ට් එක ෆයිල් මෙතනින් බාගන්න.

            3D කොපියේ ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.




Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Discapable me 2 අලුත් මෙහෙයුමක්....... ini dipublish oleh Unknown pada hari Wednesday, October 23, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Discapable me 2 අලුත් මෙහෙයුමක්.......
 

0 comments:

Post a Comment